News Line| Off Air| Games
Generic placeholder image

Jan
15

ජයලත් මනෝරත්නයන්ගේ අවසන් කටයුතු අද

1106 Views


ජයලත් මනෝරත්නයන්ගේ අවසන් කටයුතු අද

ප්‍රවීණ කලාකරු ජයලත් මනෝරත්නයන්ගේ දේහය පිළිබද අවසන් කටයුතු අද බොරලැස්ගමුව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා. කලක් රෝගාතුරව සිටි ඒ මහතා අභවප්ප‍්‍රාප්ත වන විට 71 වන වියෙහි පසුවුණා.

ප්‍රවීණ වේදිකා නාට්‍ය රචකයෙකු, ප‍්‍රවීන රංගධරයෙකුද වූ ආචාර්ය ජයලත් මනෝරත්නයන් අන්දරේලා, පුත‍්‍ර සමාගම, සඳගිර, ගුරුතරුව, වෙස්සන්තර, සොක‍්‍රටීස්, රතු හැට්ටකාරී, නරියා සහ කේජු, කනේරුමල්, සුදුරෙදි හොරු, බූරුවා මහත්තයා සහ සෙල්ලම් නිරිඳු වැනි වේදිකා නාට්‍ය රැසක් ඔහුගේ නිර්මාණයෙන් මෙරටට දායක වු අතර ඒ මහතා සම්මාන රැසකින්ද පිදුම් ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post